දඟකාර නෙතු පෙනෙන මානේ
කොමල වදනක් ඇසෙන ගානේ
දෙතොලෙ උණුසුම විදින වාරේ
ගලා සෙනෙහස දෙහද යාවේ
ගිම් නිවන මදහසට ඔබගේ
වියැකි යයි දාහයන් මාගේ
තිබෙන තුරු සිනහවක් දෙතොලේ
දැනෙයි රජකම ලැබුන විලසේ
දෙව් ලියන් පරදන ඔබේ වුවනේ
තිබෙන ලස්සන පෙනෙන ගානේ
මාගේ ආලය දහස් වාරේ
වැඩි වෙවී යයි සයුර විලසේ
කොමල වදනක් ඇසෙන ගානේ
දෙතොලෙ උණුසුම විදින වාරේ
ගලා සෙනෙහස දෙහද යාවේ
ගිම් නිවන මදහසට ඔබගේ
වියැකි යයි දාහයන් මාගේ
තිබෙන තුරු සිනහවක් දෙතොලේ
දැනෙයි රජකම ලැබුන විලසේ
දෙව් ලියන් පරදන ඔබේ වුවනේ
තිබෙන ලස්සන පෙනෙන ගානේ
මාගේ ආලය දහස් වාරේ
වැඩි වෙවී යයි සයුර විලසේ
ලියුවේ - 2009 / 3 / 20
3 කියවපු අයගේ අදහස්:
ලස්සන නම් වියැකී යනු ඇත කාලයේ.....
සුන්දරත්වය රැඳී නැත්නම් හදවතේ.....
නිල වන් දෙනෙත අඩවන් වූ කල යසට..
කෙහෙරෑළි ඈල්ල වෑටෙනා විට පිට මෑදට..
සුන්දර සිනා ගත්තත් මුවගින් සොඳට..
ගල් සිත් ඈති අඟනකි මා සිත් ගත්ත...
http://sithuvili-idea.blogspot.com/
අදස් වලට බොහොම ස්තූතියි සහෝදරයා
Post a Comment
ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.