හඳ පානේ වැළි මළුවේ
ඔබෙ සුසුමන් දැනෙන වෙලේ
මගේ කණට ගී මිමුණුව
මා ආදර කෝකිලාව
පාසල් වියෙ සභාව මැද
සභකෝලෙන් හිස හැංගුව
මහද දිනූ කෝකිලාව
නළුවකු හා හරි හරියට
නටනව දැන් රඟ බිම උඩ
කොට ගවුමෙන් විලි වහගෙන
පාට කොන්ඩෙ රැළි දාගෙන
ඉංගිරීසි වචන දාන
මගේ පුංචි කෝකිලාව
මල් චීත්ත ගවුම් ඇදපු
කොණ්ඩෙ කරල් දෙකක් බැඳපු
වැව ඉහත්ත දෙවට දිගේ
මාත් එක්ක පයින් ගියපු
උඹමද ඒ කෝකිලාව
උඹව TV එකෙ බලන්න
සුපිරි තරුව ඔබ කරන්න
මම යවාපු ඉල්ලුම් පත
උඹත් රැගෙන ගිය නියාව
උඹ දකින්න TV එකේ
තිස් තුන් පැය බලා හිටින
උඹේ පරණ රන් බංඩව
මතක නැද්ද කෝකිලාව
උඹෙ වටෙ ඔය ඉන්න සෙනඟ
ඉන්නේ තව කී දවසද
අලුතින් තරු පෑයූ හෙට
උඹ තනි වෙයි මා විලසට
ඒක් නිසා මා ප්‍රියාව
නැවත වරෙන් මා වෙතටම
ආයෙත් මල් පොකුරු රැගෙන
වදිනට යමු රුවන්වැලිය
4 කියවපු අයගේ අදහස්:
වෙනස් නොවන එකම දේ
වෙනස්වීමයි.....
මතක හිටින එකමදේ..
අමතක වීමයි...
ලැබෙන එකමදේ...
නොලැබීම පමනයි....
ඕව තියෙන්නේ කොච්චර දවසක්ද ?
නියමයි
මාර්කට් උනු ගමේ කෙල්ලෙක් ගෙ තවත් එක් දුක් බර කතාවක්...
පට්ටයි...මම කෙටි කතාවෙන් කියපු දේ උඹ කවියෙන් කියලා
Post a Comment
ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.