Friday, August 6, 2010

සරසවි ගීතය










මා පුතා හොඳ පුතා
රටක් වටිනා පුතා
සරසවියට ගොස් මෙදා
දිනයි ලෝකය සදා

මව් දකින ඒ සිහින
සඵල කර ගනු කෙලෙස
පල් වෙවී ගඳ ගහන
අධ්‍යාපනයක මහිම

පටන් ගත් දා සිටම
එකම දේ උගන්වන
ප්‍රායොගික පරීක්ෂන
එපා වී ඇත බොහොම

පන්තියට ආ පසුව
පොතේ ඇති හැම දෙයම
නැවත කියවා යනෙනෙ
දේශකයින්ගේ අපුල

පොත් වලම ගැටෙමින්
සිව් වසක් ගත කරන
සිනහවක් මුව නොමැති
සිසු කැලක ප්‍රතිභාව

හෙට ලොවට වැඩක් නැති
නෝට් පිටු පුරවාන
උපාදිත් ගෞරව සමග
පිටව යන යෞවනය

මෙයින් පිටවූ කලට
බෝඩ් ලැලි අතින් ගෙන
පාරටම නාකි වන
ලකේ බුද්දි ආකරය

මේ සියලු දකින මම
කෙලෙස ලොව දිනන්නද
ඔබෙ සිහින බොලද බව
කෙලෙස මා කියන්නද


ලියවුනේ - 2009/10/23


ප:ලි:
මෙම ඉහත දැක්වෙන චායාරූපය හා මෙම පද පෙල අතර කිසිම ආකාරයක සම්බන්දයක් නොමැති බව කාරුනිකව සලකන්න.
චායාරූපය උපුටා ගත්තේ : http://www.wsws.org/images/2009jul/j17-sril-480.jpg

3 කියවපු අයගේ අදහස්:

Shadow/හේමලයා said... Reply To This Comment

අමුම අමු ඇත්ත.....

පුස්කා දිරා පත්වන විශය නිර්දෙශ...
යලි යලිත් පට්ට ගසමින්...
මෙළොවටත් පරළොවටත්
දෙකටම වැඩක් නැති
ප්‍රාග් ඓතිහාසික යුගවල
චින්තනයන් වනපොත් කරමින්....
තරුණ ජීවිතවල ඇති නව්‍ය සිතුවිලි
ඝාතනය කරමින්........
ජීවිතයම ආප්ස්සට ගෙන යමින්..
ඇති කරන ශුන්‍ය බලපොරොත්තු යහමින්.....
රහකර වමාරා කමින්..
කොහේවත් ඉන්නා ලිං මැඩියන්
දෙසන පල්හෑලි අසමින් අපිත්....
රත්කලෙමු බංකු වසර හතරක් ඉදින්.......

වැප් said... Reply To This Comment

ඇත්ත ඇත්ත කිව්වා වගේ පින්තුරයයි කවියි අතර සම්බන්දයක් නැහැ :D

හැබැයි කවියේ කියපුවා බොරු ..... :D

Amila, "සියපත් විල" said... Reply To This Comment

@හේමලයා @වැප්
නියමයි හේමලයා මගේ කවටත් වඩා අපුරුවට කියලා ත්යෙනවා. මේක තමා යතාර්තය. මට තෙරෙන්නෙ නේ අයි වැප් සහොදරය පිලිගන්නෙ නැත්තෙ කියලා.
උදාහරනයක් විදිහට,
අපේ පරේක්ෂන ගාර වල හිටිය සහයකයින් අපිට උගන්වන පරීක්ෂන දෙශකයින්ට වදා හොදට දන්නවා.මොකඩ ආපු දවසෙ ඉදන් කරන්නෙ එකම නිසා.
අනිත් එක අපෙ සරසවි වල ඇදුරන් හුගක් කරන්නෙ සටහනක් බලාගෙන කියවන එක හරි slide මාරු කරන එක.

Post a Comment

ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.