Monday, July 12, 2010

ඇබෑර්තු ඇත.........













Observer එක ගත්තම
Vacancy ගොඩ දක්කම
දෙකඩ වෙයි හදවත
තෙත් කරන් පිටු ගණන් පත්තර

CIM, CIMA කරපු උන් එති
කඩුවෙන්ද වැඩ දෙති
තොගෙ ඩිග්ග්‍රි වැඩක් නැති
තොට දෙන්න ජොබක් නැති

හතරක් ගෙවු වසර
විදිමින් මහත් කරදර
ලැබූ මේ උපාදිය
කොළයක්ය නැත, එයින් ඵල

උකස් කර ඉඩ කඩන්
පුද සුද්දන්ට යහමින්
රට ඩිග්ග්‍රි අරගන්
තොට ජොබක් දෙන්නම්

නැතොත් ජොබ් හිඟමින්
අට පාස් ඇමතිගෙන්
ලියුම් කඩදහි ගනින්
පස්සෙ සලකා බලන්නන්...!

5 කියවපු අයගේ අදහස්:

Shadow/හේමලයා said... Reply To This Comment

අමුම අමු ඇත්ත.........

මුදියන්සේ said... Reply To This Comment

අදහස් වලට තුති හේමලයො

වැප් said... Reply To This Comment

සහතික ඇත්ත ...

‍මේ ක්‍ර‍මයට වගකියන්න ඔනා අපිම තමයි ..
[උසස් අධ්‍යපණය කියලා ඉගෙන ගන්නේ කැට/ උද්ගෝෂන/ නවක නම්‍යකරනය වගේ එවානේ :D ]

මුදියන්සේ said... Reply To This Comment

@වැප්
ඒ කමත් නෙවෙයි මචන්,මේ ක්‍රමයෙ වැරද්දක් තියෙන්නෙ. ආන්ඩුව අපිට ලක්ෂ ගානක් වියදම් කරලා උගන්වනවා. සරසවියෙන් එලියට ආවම ඒ උගන්වන එකෙන් වැඩ ගන්න ක්‍රමවේදයක් නේ.
අදහසට තුති..!

පිස්සා පලාමල්ල said... Reply To This Comment

ඇත්ත... ඒත් ඒකට හේතුව දන්නවද කවුරුව්ත් ???
කඩුව ????

Post a Comment

ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.