දෙවන මස සිනහවී තෙදොල් වන
තෙවන මස සිටන්
සිව් වසක් යන තුරුම
නොහදුනන්නන් ලෙස සිටින
අපේ ජූනිය(ර්)ස්ලා
05/2010
ලිවුවේ - 2010 / 02 / 24
මේ කවිය ලියවුනේ අපේ සරසවියෙ අන්තිම දවසවල. එ දවස් වල අවුරුදු හතරක් හිටිය එ බිම , යාළුවෝ අතහැරලා ඒ මට බැරිව දුකින් හිටිය කාලයක්. මේ කවිය මගේ අතින් ලියවුන මම වඩාත්ම ආස කරන කවියක්. ඒ මේක ලස්සනට ලියවුන හින්දද එහෙමත් නැත්න්නම් ඒ සොදුරු මතකයන් මේ කවිය පුරාවට තියන නිසාද නම් දන්නෙ නෑ.අනිත් කාරනය මේ කවි පද වැල අපේ "පවුර"ට (ඒ කියන්නෙ අපේ නිර්මාන එකතුවට ) මම දාපු අන්තිම කවිය. "සියපත් විල" කියවන අප සරසවියේ නොවන සහෘදයන්ට මෙම පද පෙළේ කියවෙන තැන් නුහුරු වුනාට එය රසවිදින්න නම් එය බාදාවක් නොවේවි. (උඩින් තියන එක චායරූපයක් අපේ "පවුර" අනික තමයි මගේ අති ජාත මිත්රයෝ රැල.) මේ දිග සටහන කියෙව්වාට බොහොම තුති.