Thursday, September 9, 2010

මංගල රෑ



දාඩියෙන් තෙත් වෙච්ච
රැලි වැටුන
සුදු රෙද්ද
උදේ එලි වන විටත්
කිසිත් පැල්ලම් නැතිව


සුදට තිබ්බා වු හිතේ
කහට පැල්ලම් පිරී
කිලිටි වී
කලු ගැසී

11 කියවපු අයගේ අදහස්:

Shadow/හේමලයා said... Reply To This Comment

ඔය පැල්ලම් පස්සෙ ගියාම ඉතින් ඔහොම තමා....මංගල හීන මොංගල් වෙන්නේ කුණු කෙළ පෙරාගෙන අවදිවෙනකොට තමයි.......:)

Pasan said... Reply To This Comment

හේමලයාට එකග වෙමි... ආලයට පැල්ලම් අනිවාර්ය නැත...:)

රත්නේ said... Reply To This Comment

ආලයට නැතත් විවාහයට පැල්ලම් අවශ්‍යයි...

Abeetha Edirisinghe said... Reply To This Comment

සමාජය නන්නත්තාර කරන අහින්සක ගෑණු ළමයින්ගේ ඔළු ගෙඩි වලට හෙන ගෙඩි පාත් කරන අධර්මිශ්ඨ චාරිත්‍රයක්......

intox said... Reply To This Comment

ආදරය
ගැහැනියගෙන් පැල්ලම් බළාපොරොත්තු වන
පිරිමියාගෙන් කිසිත් බළාපොරොත්තු නොවන
නොසෙවිය හැකි රහසක්
අරුමයි
නරුමයි!

සරත් ගුණතුංග said... Reply To This Comment

තමාට කුමන අතීතයක් තිබුණත් සියලුම වැරදි ගැහැණියට පවරණ ශ්‍රී ලාංකික මානසිකත්වය ඔබ මැනැවින් පිලිබිඹු කොට ඇත. එසේම මිනිස් සිරුර පිලිබඳව ඔබගේ නොදන්නා බවද මනාව ලොවට කියා පා ඇත. ඔබට බොහෝ දුර යා යුතුය!!!

මුදියන්සේ said... Reply To This Comment

@ Shadow/හේමලයා - විසූක දස්සන

@ pasan - මාද එයට එකගවෙමි.

@ අච්‍චා - ඇත්ත සහොදරයා, කවුරු මොන ලොකු කතා කිව්වත් ඔය පැල්ලම නැත්නම් ටිකක් හරි සසල වෙනවා.

@ අභීත - ස්තුතියි සහොදරයා

@ intox & @ සරත් ගුණතුංග - එකනෙ කියන්නෙ සහොදරයා, පිරිමියෙක් කොහෙ ගිහින් ආවත් හෝදලා ගෙට ගන්න පුලුවන් කියලා

``` Outsider``` said... Reply To This Comment

තමන්ගෙ කිළිටි බව නොදැකීමයි හේතුව.
නියමයි අදහස...

Anonymous said... Reply To This Comment

පැල්ලම නැති තැන ජීවිතයම පැල්ලමක් විය

Lishan Puwakovitage said... Reply To This Comment

ජපං කොඩිය...!!
ආසියාවේ ගෑණුන්ගේ turning point එකක්..!

sAm (සෑම්) said... Reply To This Comment

අදයි මේ පැත්තේ ආවේ..

හොදාරම්භයක්..

ජය!

Post a Comment

ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.