Monday, July 12, 2010

ඉතිං ආයුබෝවන්...










ප්‍රභාතය වී පැමිණ
මාරුතය ලෙස සැරිය
බිඟු කැලක් සේ සිටිය
සිව් වසර අවසනය

අද ඊයෙ වගෙ මතක
සිව් වසරක නෑදෑ කම
අත් හැරදා යා නොහැකිව
නෙතට කඳුළු උනන අයුර

ඈත පෙනෙන කඳු වළල්ල
මෑත ගලන නිල් දියවර
උරුම නැතත් මේ වයඹට
නැහැ අඩුවක් සොදුරු බවක

එක තේ එක අපි හැමෝම
රස කර බිව් සරසවි කල
අපට හොරා අවසන් වග
පිළි ගැනුමට නොහැකිය මට

සුවඳ හමන නා ගස් පෙළ
විඩා නිවන ෆන් බංකුව
සෙවන සැදුව උණ ගස් ටික
නෑ මට මින් ඉදිරියටම

කජු රඹුටන් අඹ ගසි ටික
හෙට තනි වෙයි අපි ගිය විට
අපේ හිනා නැති වා ගැබ
කඳුළු සලයි නොම වේ සැක

යොවුන් දිවියෙ හරි අඩක්ම
වයඹ ඇකයෙ සිටි අප හැම
වෙන්ව ගියත් හෙට සවසට
මිතු දම් පවතී සත්තට

ඉතිං සොයුර මා මිතුරිය
හෙට එලැබෙන නව ලෝකය
ජය ලබනට පා සවි බල
පතනෙමි මම එක සිතින්ම

කවිය උනත් මේ අන්තිම
මගේ නමින් පවුර දරන
පතනෙමි හැම දනා හටම
ආසිරි ජය සදා කල්ම...!

ලිවුවේ - 2010 / 02 / 24

මේ කවිය ලියවුනේ අපේ සරසවියෙ අන්තිම දවසවල. එ දවස් වල අවුරුදු හතරක් හිටිය එ බිම , යාළුවෝ අතහැරලා ඒ මට බැරිව දුකින් හිටිය කාලයක්. මේ කවිය මගේ අතින් ලියවුන මම වඩාත්ම ආස කරන කවියක්. ඒ මේක ලස්සනට ලියවුන හින්දද එහෙමත් නැත්න්නම් ඒ සොදුරු මතකයන් මේ කවිය පුරාවට තියන නිසාද නම් දන්නෙ නෑ.අනිත් කාරනය මේ කවි පද වැල අපේ "පවුර"ට (ඒ කියන්නෙ අපේ නිර්මාන එකතුවට ) මම දාපු අන්තිම කවිය. "සියපත් විල" කියවන අප සරසවියේ නොවන සහෘදයන්ට මෙම පද පෙළේ කියවෙන තැන් නුහුරු වුනාට එය රසවිදින්න නම් එය බාදාවක් නොවේවි. (උඩින් තියන එක චායරූපයක් අපේ "පවුර" අනික තමයි මගේ අති ජාත මිත්‍රයෝ රැල.) මේ දිග සටහන කියෙව්වාට බොහොම තුති.

5 කියවපු අයගේ අදහස්:

Shadow/හේමලයා said... Reply To This Comment

තව කොච්චර නම් කාලයක් සරසවිය මතක තියේවිද?......මාස දෙකකට සැරයක් තාම ඕකට රින්ගනවා මම නම් තාම...හැම එකාම සතෙක් දිහා වගෙ බලනවා...කීවට තෙරුම් ගනීවිද මන්ඳා?.....මං කව්ද?....:D

Shadow/හේමලයා said... Reply To This Comment

comment word verification අයින් කොරාපන් කො බාන්.....

මුදියන්සේ said... Reply To This Comment

ඒ සරසවි මතකෙ තාම හරිම සුන්දරයි. හේමලයො මම තාම බ්ලොග් කෙරුවාවට අලුත්නෙ, වැඩිය වඩ කෑලි දන්නෙ නේ. මට කලින් දවසෙ කිව්වත් තෙරුනෙ නෑ නේ. ඔන්න එහෙනම් අයින් කරා. බොහොම ස්තූතියි.

WD said... Reply To This Comment

Nice machan

වැප් said... Reply To This Comment

මාකඳුරෙද?

Post a Comment

ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.