Tuesday, August 10, 2010

වෙනකුට අයිති මල....











අන් අයට අයිතී
වෙනත් ඉඩමක සුපිපි
පාට යහමින් පැතිරි
ඇති සුවඳ මලකි

ඔබෙ සුවද මන් බදිති
අන් අයද මත් කරති
අයිති කරු එය නොරිසි
ඔබ තලා පොඩි කරති

ලබා ගත නොහැකි
මුල් බදා අති හෙයිනි
කඩා ගත නොහැකි
පරව යන හෙයින් වියැකි

යන සුවඳ පැතිරී
වළකා ගනු මා මිතුරී
මත් නොකර නොරිසි
අය ඔබේ මන රුවිනී

තව තවත් මා මිතුරී
යෙහෙ ගුණෙන් වැඩි වැඩිනී
යෙහෙන් කල් වැජබී
තුටු කරන් හිමි රදුන් තුටිනී

මතු දිනක සුපිපී
මට අයිති ලෙසිනී
මා දිවිය සොදිනී
තුටු කරන් මල් රැජිනී


ලිව්වේ - 2010 / 7/ 16

6 කියවපු අයගේ අදහස්:

Shadow/හේමලයා said... Reply To This Comment

බලාගන්න ඇහැක් වුනාට නෙලා ගන්න බෑ වාගෙ......:(

Eranga Perera (Muthu Paba) said... Reply To This Comment

Me nirmanaya kiyawaddi mata mathak wune, Dayana Witharana saha Nelu Adhikari gayana, "Wasath Kaalaya Manaram" geethaya.

Lassanayi nirmaanaya

ඉලංදාරියා said... Reply To This Comment

ලස්ස්නම ලස්සනයි....
ඉතිං අපි බලා සැනසෙමු..

jayantha colombage said... Reply To This Comment

මෙන්න පැදි පේලි හැරෙන්නට ඔබේ නිර්මාණය බොහෝ සෙයින් සිත් ගනියි.

යන සුවඳ පැතිරී
වළකා ගනු මා මිතුරී
මත් නොකර නොරිසි
අය ඔබේ මන රුවිනී

තව තවත් මා මිතුරී
යෙහෙ ගුණෙන් වැඩි වැඩිනී
යෙහෙන් කල් වැජබී
තුටු කරන් හිමි රදුන් තුටිනී
ඔබ ඉතාමත් අලංකාර විදියට කාව්‍ය පන්තිය ආරම්භ කරගෙන එහෙත් පසුව කවියා සහ අනුබූතිය පාඨකයා වෙත පාවා දෙයි. ආරම්භ කල රසය ඒ හෙලිදරව්වෙන් පසුව ලඝුවී ගිය බවක් මට දැනේ. ඔබට මගෙන් සුභ පැතුම්.

ayesha said... Reply To This Comment

oh...very nice

මුදියන්සේ said... Reply To This Comment

@ Shadow/හේමලයා ,Muthu Paba, ඉලංදාරියා & ayesha
ඔබගේ අදහස් වලට බොහොම ස්තූතියි

@හේම ජයන්ත කොළඹගේ

විසේෂයෙන්ම ඔබගේ අදහස් බොහොම අගය කර සලකමි. මාගේ භාෂාව හැසිරීමේ දුර්වල තාවය පෙන්වා දීම ගැන බොහොම ස්තූති වන්ත වෙන්නා සේම එය ඉදිරියෙදී හදා ගන්නට උත්සහ කරමි.
ජය වේවා

Post a Comment

ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.