Sunday, July 11, 2010

මං සරණ නැඟනිය

මල් නොපෙනි ගිය මල් ගවුම්
පාළු වූ කණ කරද
නොසන්සිදි බඩගිනිද
උරුම වූ නැඟනියක

නගර මැද අභිමනව
විදුලි එළියෙන් දිලෙන
ඉංගිරිසි නම් කියන
බොජුන් හල ඉදිරිපිට

සළුපිලිද, කණකරද
ගත දරන අගනන්ය
සිය පවුල පිරිවරන
සැප වාහනයෙන් බහින

ඔබේ මාසික මුදල
මෙන් කිහිප ගුණයක්ම
පුදා එක වේලකට
යයි සතුටු වී බොහොම

කෙළි දෙලෙන් යන අයට
ඇස ගැටුනද ඔබ නිතර
ඔබේ මහ දුක් ගිනි කන්ද
දකිනු නැත කිසි දිනෙක

පින් අහිමු වූ පවට
උරුම වී මහ පාර
යදිමින්ම දිවි ගෙවන
නැඟනියේ මං සරණ

වෛර කෙරුමෙන් දනට
නැත කිසිත් පල අපට
හිතට ගන් බුදු පුදට
සරු වෙන්න මතු සසර

ලියුවේ - 2010 /04 /14

3 කියවපු අයගේ අදහස්:

Unknown said... Reply To This Comment

aiye oya meka liuwa kiuwata meka mechcharama sanwedee wei kiyala hithunena. puduma lassanak aiye......... saththai.

Shadow/හේමලයා said... Reply To This Comment

හැඟුම්බර පද පෙළක්.....

RanDil said... Reply To This Comment

ඇස් පනාපිට තිබෙන ඒත් බෝ දෙනට නොපෙනෙන සත්‍යයක්

Post a Comment

ඔබේ අවංක අදහස් මෙහි ලියන්න.